සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

හෙට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්: මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ඉදිරිපත් කෙරේ

හෙට (30) දින විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර

මිතුරන් සමග බෙදාගන්න

හෙට (30) දින විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කරනවා.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තියට අනුව, සෑම වසරකම ජූනි 30 වන දිනට හෝ ඊට පෙර රජය විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට දිනයේ කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය හෙට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව යළි ජූලි මාසයේ 8, 9 සහ 11 යන දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්