සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය සැරසෙයි

ලොව තීරණාත්මක මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලින් විශේෂ ගාස්තුවක් අය කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ඉරාන රජය සූදානම් වෙයි.

මිතුරන් සමග බෙදාගන්න

ලොව තීරණාත්මක මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලින් විශේෂ ගාස්තුවක් අය කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ඉරාන රජය සූදානම් වෙයි. ඉරාන පාර්ලිමේන්තුවේ සිවිල් කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ සඳහා වන නව පනත් කෙටුම්පත මේ වන විටත් සකස් කර අවසන් අදියරේ පවතින බවයි.

මෙම නව සැලසුම යටතේ, හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉරානය විසින් පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, ඒ සඳහා අදාළ නෞකා හිමියන්ගෙන් ගාස්තුවක් අය කළ යුතු බව ඉරාන බලධාරීන් පෙන්වා දෙයි. මෙය ඕනෑම ගොඩබිම් ප්‍රවාහන මාර්ගයකදී අය කෙරෙන බදු මුදලක් වැනි සාමාන්‍ය ක්‍රියාවලියක් බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

වත්මන් මැදපෙරදිග යුදමය තත්ත්වය සමනය කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන කොන්දේසි පහ අතරට ද මෙම කරුණ ඇතුළත් කර තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය මත ඉරානයට පවතින පාලන බලය සහ එහිදී ගාස්තු අය කිරීමට ඇති අයිතිය ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගත යුතු බව ඉරානය අවධාරණය කරයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ලොව බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන බැවින්, ඉරානය ගැනීමට යන මෙම තීරණය ගෝලීය බලශක්ති වෙළෙඳපොළට මෙන්ම නාවික ගමනාගමනයට ද සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්