සිරස්තල
රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම්

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයට ප්‍රතිචාර දක්වමින් ලෝකයේ ප්‍රධානතම බලශක්ති මාවත ලෙස සැලකෙන ‘හෝමූස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) වසා දැමීමට ඉරානය තීරණය

මිතුරන් සමග බෙදාගන්න

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයට ප්‍රතිචාර දක්වමින් ලෝකයේ ප්‍රධානතම බලශක්ති මාවත ලෙස සැලකෙන ‘හෝමූස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) වසා දැමීමට ඉරානය තීරණය කර තිබේ. එම කලාපය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවට ද ඉරානය අනතුරු අඟවා ඇත.

ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත ඉරාන සන්නද්ධ හමුදා පළිගැනීමේ ප්‍රහාර දියත් කරමින් සිටින පසුබිමක මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන මෙම මූලෝපායික මුහුදු තීරය ලොව “බලශක්ති මධ්‍යස්ථානය” ලෙස හඳුන්වනු ලබන්නේ සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේටය වැනි රටවල බොරතෙල් අපනයනය සඳහා ඇති එකම මාර්ගය මෙය වන බැවිනි. සැතපුම් 21ක පමණ පටු ස්ථානයකින් සමන්විත මෙම සන්ධියේ නෞකා ගමනාගමනය සඳහා ඇති මාවත සැතපුම් 2ක් තරම් ඉතා පටුය.

භූගෝලීය වශයෙන් ගත් කල හෝමූස් සමුද්‍ර සන්ධිය උතුරින් ඉරානයටත්, දකුණින් ඕමානයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් මැදිව පිහිටා තිබේ. මෙහි නාවික මාවත් වැඩි වශයෙන් වැටී ඇත්තේ ඕමානයට අයත් මුහුදු සීමාව තුළ වුවද, එහි පටු බව හේතුවෙන් නෞකාවලට ඉරාන මුහුදු සීමාව ද භාවිත කිරීමට සිදු වේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීතියට අනුව මෙය ‘ජාත්‍යන්තර සමුද්‍ර සන්ධියක්’ වන බැවින්, කිසිදු රටකට එහි සාමකාමී නාවික ගමනාගමනය අවහිර කිරීමට නෛතික අයිතියක් නොමැත.

මෙම මුහුදු මාවත වසා දැමීම ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. ලොව දෛනික බොරතෙල් පරිභෝජනයෙන් 20%ක් හෙවත් පහෙන් එකක සැපයුමක් මෙලෙස අඩපණ වීම තුළ ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යා හැක. මෙය ගෝලීය උද්ධමනය ඉහළ යාමටත්, යුරෝපයේ සහ ආසියාවේ ප්‍රධාන කර්මාන්ත ශාලා අඩපණ වීමටත් සෘජුවම බලපාන බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්