සිරස්තල
ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි

අඩසියවසකට පසු මිනිසුන් යළි සඳ වෙත

1972 වසරෙන් පසුව ප්‍රථම වතාවට මිනිසුන් සඳ වෙත රැගෙන යාම සඳහා නාසා (NASA) ආයතනය සංවිධානය කරන ඓතිහාසික ‘ARTEMIS – II’ මෙහෙයුම එළඹෙන මාර්තු මස 06

මිතුරන් සමග බෙදාගන්න

1972 වසරෙන් පසුව ප්‍රථම වතාවට මිනිසුන් සඳ වෙත රැගෙන යාම සඳහා නාසා (NASA) ආයතනය සංවිධානය කරන ඓතිහාසික ‘ARTEMIS – II’ මෙහෙයුම එළඹෙන මාර්තු මස 06 වනදා දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මීට පෙර සැලසුම් කර තිබූ දින වකවානුවලට වඩා සති කිහිපයක ප්‍රමාදයකින් පසුව මෙම තීරණයට එළඹීම විශේෂත්වයකි.

මෙහෙයුම සඳහා යොදාගන්නා දැවැන්ත රොකට්ටුව මේ වන විට අමෙරිකාවේ ෆ්ලොරීඩා හි පිහිටි රොකට්ටු දියත් කිරීමේ මධ්‍යස්ථානයේ (Kennedy Space Center) රඳවා ඇත.

රොකට්ටුවට ඉන්ධන පිරවීමේ දෙවැනි පරීක්ෂණ වටය ඊයේ (20) සාර්ථකව පවත්වා තිබේ. මීට පෙර අවස්ථාවක ඉන්ධන පිරවීමේදී දෝෂ කිහිපයක් හඳුනා ගැනීම හේතුවෙන්, නාසා ආයතනය මෙලෙස දෙවැනි වරටත් පරීක්ෂණ පැවැත්වීමට පියවර ගෙන ඇත.

මෙම රොකට්ටුවට ඉන්ධන ගැලුම් 730,000ක් වැනි දැවැන්ත ප්‍රමාණයක් පිරවිය හැකි බව වාර්තා වේ.

ARTEMIS – II මෙහෙයුම හරහා ගගනගාමීන් සිව් දෙනෙකු සඳ වටා ගමන් කර යළි පෘථිවිය බලා පැමිණීමට නියමිතය. මෙය සඳ මත මිනිසුන් පදිංචි කරවීමේ නාසා ආයතනයේ ඉදිරි දැක්මෙහි මූලික පියවරක් ලෙස සැලකේ.

මෙම මෙහෙයුමේ සාර්ථකත්වය මත පදනම්ව, මීළඟ අදියරේදී මිනිසුන් සඳ මත පා තැබීමේ (Artemis III) කටයුතු ආරම්භ කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්