සිරස්තල
බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී

අලුත් අවුරුද්දට ගමේ යන්න අද දිනයේත් අතිරේක ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සදහා අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන

මිතුරන් සමග බෙදාගන්න

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සදහා අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පී.එච්.ආර්.ඩී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ ඊයේ පස්වරුව වන විට කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණෙන මගී ජනතාවගේ අඩුවක් දක්නට ලැබුණු බවය.

මේ අතර කොළඹ, මාකුඹුර, කඩුවෙල සහ කඩවත යන බස් පර්යන්තවලින් අද දිනයේ ද ගම්බිම් බලා යන ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය පවසයි.

ඇය පැවසුවේ මේ වන විට බස් රථ යොදවා ඇති නමුත් පෙර දිනයන්ට සාපේක්ෂව මගී ඉල්ලුමක් මේ වන විට දක්නට නොමැති බවය.

කෙසේ නමුත් අද උදෑසන වන විට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ව්‍යාපාරික කටයුතුවල යෙදෙන පුද්ගලයින් ඇතැම්විට ගම් බිම් බලා පිටත්ව යාමට පැමිණිය හැකි බැවින් ඒ සඳහා ප්‍රවාහන සේවා සැපයීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගන්නා බවය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්