සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ආචර්ගේ නමට අමිහිරි IPL වාර්තාවක්

IPL තරගාවලියේ දෙවන තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව අද (23) පැවැත්වෙන තරගයේදී වාර්තාගත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන මෙම

මිතුරන් සමග බෙදාගන්න

IPL තරගාවලියේ දෙවන තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව අද (23) පැවැත්වෙන තරගයේදී වාර්තාගත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් රැස්කිරීමට සමත් විය.

මෙය IPL ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

කෙසේ නමුත් එහි ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද ඔවුන් සතුවම තිබේ.

පසුගිය වසරේ පැවති තරගාවලියේදී ඔවුන් RCB කණ්ඩායමට එරෙහිව ලකුණු 287/3ක් රැස්කිරීමට සමත් විය.

ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ ඉෂන් ක්‍රිෂාන් පන්දු 47කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 106ක් රැස් කළේය.

ඔහුගේ ඉනිම හයේ පහර 6කින් හා හතරේ පහර 9කින් වර්ණවත් විය.

මෙහිදී දැඩි පහරකෑමකට ලක් වූ ජොෆ්රා ආචර් සිය පන්දුවාර 4 අවසන් කළේ කිසිදු කඩුල්ලක් ලබා නොගෙන ලකුණු 76ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

එය IPL ඉතිහාසයේ පන්දු යවන්නෙකු ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

මීට පෙර එම වාර්තාව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ මෝහිට් ශර්මා (73/0) සතුව තිබුණි.

මෙම තරගයට රාජස්ථාන් වෙනුවෙන් මහීෂ් තීක්ෂණ ක්‍රීඩාකළ අතර, ඔහු පන්දුවාර 4 අවසන් කළේ ලකුණු 52කට කඩුලු 2ක් දවාගනිමින්ය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්