සිරස්තල
ආනයන බදු සාධාරණීකරණය කරමින් ට්‍රම්ප්ගෙන් පැය දෙකකට ආසන්න විශේෂ දේශනයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටු වෙයි බිරිඳ සහ අසල්වැසි කාන්තාව එක්ව පුද්ගලයෙකු පහරදී ඝාතනය කරයි සුපිරි 8 වටයේ ශ්‍රී ලංකා – නවසීලන්ත ගැටුම අද ආර්. ප්‍රේමදාස පිටියේදී 2026 වසරේ අපනයන ක්ෂේත්‍රයෙන් සුබදායී ආරම්භයක් විස්සයි-20 ලෝක කුසලාන අවසන් සටන් සඳහා ප්‍රවේශ පත්‍ර අද සිට හල්දුම්මුල්ල රක්ෂිතයේ මහා පරිමාණ ගංජා වැටලීමක් වසර දෙකක රියදුරු බලපත්‍ර පමාව අවසන් පොලිස් නිලධාරියෙකුගේ නිවස ඉදිරිපිට හිසක් තැබීමේ බිහිසුණු පාතාල සැලැස්මක් ව්‍යර්ථ වෙයි යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි

ආනයන බදු සාධාරණීකරණය කරමින් ට්‍රම්ප්ගෙන් පැය දෙකකට ආසන්න විශේෂ දේශනයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) සිය වාර්ෂික රාජ්‍ය දේශනය (State of the Union address) පවත්වමින්, විදේශීය රටවලින් තීරුබදු අය කිරීමට තමන් ගත් තීරණය දැඩි

මිතුරන් සමග බෙදාගන්න

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) සිය වාර්ෂික රාජ්‍ය දේශනය (State of the Union address) පවත්වමින්, විදේශීය රටවලින් තීරුබදු අය කිරීමට තමන් ගත් තීරණය දැඩි ලෙස ආරක්ෂා කරමින් කතා කළේය.

පැයකුත් මිනිත්තු 48ක කාලයක් පුරා ජාතිය ඇමතූ ජනාධිපතිවරයා, මෙම බදු ප්‍රතිපත්තිය අමෙරිකානු ආර්ථිකයේ දැවැන්ත පෙරළියකට මගපාදා ඇති බවත්, තමන් සිදුකරමින් සිටින්නේ “යුගයකට සරිලන පරිවර්තනයක්” බවත් අවධාරණය කළේය.

විදේශීය භාණ්ඩ සඳහා පනවා ඇති මෙම තීරුබදු හරහා ලැබෙන ආදායම හේතුවෙන්, අමෙරිකානු ජනතාව මත පැටවී ඇති ආදායම් බදු බර ලිහිල් කිරීමට තමන්ට හැකි වූ බව ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කළේය. මෙමගින් වක්‍රව ජනතාවට ආර්ථික වාසි සැලසෙන බව පෙන්වා දුන් ඔහු, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති එකම මග තීරුබදු අයකර ගැනීම බව සිය දේශනය පුරාම අවධාරණය කිරීමට උත්සාහ කළේය.

මීට අමතරව, කලින් පනවා තිබූ දැඩි ආනයන බදු ඉවත් කිරීමට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ලබා දුන් තීන්දුව ද ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක් විය. සෑම වසරකම මුල් භාගයේදී එරට ජනාධිපතිවරයා විසින් පවත්වනු ලබන මෙම සම්ප්‍රදායික දේශනය හරහා රටේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ලෝකයේම අවධානය යොමුව තිබුණි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්