සිරස්තල
‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි

‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ මෙරට ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පිහිටුවන ලද ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’

මිතුරන් සමග බෙදාගන්න

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ මෙරට ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පිහිටුවන ලද ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. බාහිර බලපෑම් හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීම සහ වෙළඳපොළ ස්ථාවරව පවත්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

මෙම කමිටුව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත වන අතර, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා එහි ලේකම් සහ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.

මෙරට ආර්ථිකයේ තීරණාත්මක මධ්‍යස්ථාන නියෝජනය කරමින් ක්ෂේත්‍ර ප්‍රවීණයන් රැසක් මෙම කමිටුවේ සාමාජිකත්වය දරති:

  • ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ (මහබැංකු අධිපති)

  • ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම (භාණ්ඩාගාර ලේකම්)

  • හාන්ස් විජයසූරිය (ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක)

  • දුමින්ද හුලංගමුව (ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක)

  • හනීෆ් යූසුෆ් (විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත)

තවද, තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස්, වරාය අධිකාරිය, අපනයන සංවර්ධන මණ්ඩලය, තේ මණ්ඩලය සහ සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතනවල සභාපතිවරුන් ද මීට ඇතුළත් වේ.

ඉතා කුඩා විවෘත ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය, විදේශ ශ්‍රමික ප්‍රේෂණ සහ මැදපෙරදිග වාණිජ සබඳතා මත දැඩිව රඳා පවතින බැවින්, පවතින ගෝලීය අස්ථාවරත්වය හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම:

ආර්ථික ස්ථාවරත්වය: මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ඇතිවිය හැකි අයහපත් බලපෑම් කළමනාකරණය කිරීම.

පුරවැසි සුභසාධනය: බාහිර ආර්ථික කම්පන හමුවේ දේශීය වෙළඳපොළ සහ අත්‍යවශ්‍ය සේවා බිඳවැටීමකින් තොරව පවත්වා ගැනීම.

ප්‍රතිපත්තිමය තීන්දු: ජාත්‍යන්තර මූල්‍ය හා වෙළඳ වාතාවරණය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීම.

මෙම කමිටුව නිරන්තරයෙන් රැස්වෙමින් පවතින තත්ත්වය අධීක්ෂණය කිරීමටත්, ඒ අනුව රජය වෙත අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමටත් නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්