කටුනායක, 18 කණුව ප්‍රදේශයේ අද (06) උදෑසන 10ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බවයි. එහිදී එම පුද්ගලයා පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබේ.
පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී සැකකරුගේ දණහිසෙන් පහළට වෙඩි තබා ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා සීදූව විජයකුමාරතුංග රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.