සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ගල්ෆ් කලාපයේ සිරවී සිටින ලක්ෂ තුනක බ්‍රිතාන්‍ය වැසියන් මුදාගැනීමට විශේෂ මෙහෙයුමක්

මැදපෙරදිග ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති යුදමය නොසන්සුන්තාව හමුවේ එහි රැඳී සිටින බ්‍රිතාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බ්‍රිතාන්‍ය රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බව එරට විදේශ

මිතුරන් සමග බෙදාගන්න

මැදපෙරදිග ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති යුදමය නොසන්සුන්තාව හමුවේ එහි රැඳී සිටින බ්‍රිතාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බ්‍රිතාන්‍ය රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බව එරට විදේශ ලේකම් වෙට් කූපර් මහත්මිය අවධාරණය කරයි. ඇයගේ ඇස්තමේන්තුවලට අනුව මේ වන විට බ්‍රිතාන්‍ය ජාතිකයින් 300,000ක් පමණ එම කලාපයේ රැඳී සිටින අතර ඉන් 102,000ක් ඒ වන විටත් බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය සමඟ ලියාපදිංචි වී තිබේ.

පවතින ආරක්ෂක අවදානම හේතුවෙන් බොහෝ රටවල් සිය ගුවන් කලාප වසා දැමීම නිසා මෙම පිරිසට යළි මව්බිම බලා ඒමට දැඩි බාධා එල්ල වී ඇත. ලියාපදිංචි වූ පිරිස් වෙත නවතම සංචාරක උපදෙස් සහ ආරක්ෂක පියවරයන් සෘජුවම ලබාදීමට කටයුතු කර ඇති බවත්, ඔවුන් ආරක්ෂිතව ගෙන්වා ගැනීමට හැකි සෑම විකල්ප මාර්ගයක්ම රජය විසින් පරීක්ෂා කරමින් සිටින බවත් විදේශ ලේකම්වරිය ප්‍රකාශ කළාය.

මෙම තත්ත්වය ඉතා “පීඩාකාරී” සහ අසීරු එකක් බව පිළිගන්නා බ්‍රිතාන්‍ය රජය, කලාපයේ තත්ත්වය වෙනස් වන ආකාරය අනුව සිය වැසියන්ට අවශ්‍ය මගපෙන්වීම් අඛණ්ඩව ලබාදීමට පියවර ගෙන ඇත. විදේශයන්හි සිටින බ්‍රිතාන්‍ය වැසියන්ගේ සුභසාධනය වෙනුවෙන් විදේශ කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්