T-56 ගිනි අවියක්, පතරොම් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ හිටපු LTTE සාමාජිකයෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පෑලියගොඩ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ඔහුගේ සන්තකයේ තිබී T-56 ගිනි අවියක්, එම පතරොම් 30ක් සහිත පතරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 560ක් සොයා ගෙන ඇත.
හිටපු LTTE සාමාජිකයෙකු වන අදාළ සැකකරු පසුව හමුදාව විසින් පුනරුත්ථාපනය කර ඇති බව පොලීසිය පවසයි. මොහු යම් අපරාධයක් සිදුකිරීමට මෙලෙස ගිනි අවියක් සමඟ පැමිණ ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි. මෙම සිදුවීමෙන් පසු පුනරුත්ථාපනය වූ හිටපු සටන්කාමීන් සම්බන්ධයෙන් සමාජයේ ඇති අවධානය යළිත් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.