ශ්‍රී ලංකාවේ හසිත අබේසේකර චීනයේ පැවති IFBB Pro League ආධුනික කායවර්ධන තරගාවලියේදී රන් පදක්කම් 4ක් දිනා ගනිමින් සුවිශේෂී දක්ෂතාවක් පෙන්නුම් කර තිබෙනවා.
මෙම තරගාවලියේ ඔලිම්පියාඩ් අංශයේ ආධුනික කායවර්ධන සහ ආධුනික ක්ලැසික් යන අංශ දෙකෙහිම රන් පදක්කම් දිනා ගැනීමට ඔහු සමත් වුණා.
ඊට අමතරව, එහි කලාපීය අංශයේදී ද රන් පදක්කම් දෙකක් දිනා ගනිමින් හසිත අබේසේකර මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළා.