සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

චීන ආනයනවලට අමෙරිකාවෙන් 104%ක තීරු බද්දක්

චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය

මිතුරන් සමග බෙදාගන්න

චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.

එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි අවධානය දනවන මාතෘකාවක් බවට පත්ව ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට පැනවූ තීරු බදු ලොව පුරා දැඩි අවධානයට ලක්විය.

එහිදී චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.

මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 වනදා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.

මීට ප්‍රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය.

එවන් පසුබිමක අමෙරිකාව විසින් චීන ආනයන සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට පෙළඹී තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්