සිරස්තල
එලොන් මස්ක්ගේ “The America Party”: ඇමරිකානු දේශපාලනයේ තුන්වන බලවේගයක් බිහිකරයිද? ක්ලැරන්ස් විජේවර්ධනට උපහාරයක් වූ ‘තේජා ඉද්දමල්ගොඩගේ’ අවසන් සිනමා නිර්මාණය තිරගත වේ වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති

ජනාධිපතිගේ සහභාගීත්වයෙන් අද සිරි දළදා වන්දනාව ආරම්භ වේ

වසර 16කට පසු පැවැත්වෙන සිරි දළදා වන්දනා උත්සවය හෙට (18) ආරම්භ වේ. හෙට දහවල් 12.30 ට පමණ ආරම්භ වන මෙම උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක

මිතුරන් සමග බෙදාගන්න

වසර 16කට පසු පැවැත්වෙන සිරි දළදා වන්දනා උත්සවය හෙට (18) ආරම්භ වේ.

හෙට දහවල් 12.30 ට පමණ ආරම්භ වන මෙම උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී වීමට නියමිතය.

විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වීමට අපේක්ෂා කරන අතර, ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් මත සහ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කරන සිරි දළදා වන්දනාව හෙට සිට අප්‍රේල් 27 දක්වා දින 10 ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන හෙට (18) පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා බැතිමතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර ඉන්පසු (19) සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා එම අවස්ථාව උදා වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්