සිරස්තල
ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට

තරින්දි සහ චතුරගේ ප්‍රේම කතාව සැබෑවක්ද?

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනිය තරින්දි ප්‍රනාන්දු සහ කඩවසම් රංගන ශිල්පී චතුර රාජපක්ෂ අතර පසුගිය කාලයේ පැතිර ගිය ප්‍රේම සම්බන්ධතාවය පිළිබඳ කසුකුසුව යළිත් අලුත් වී

මිතුරන් සමග බෙදාගන්න

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනිය තරින්දි ප්‍රනාන්දු සහ කඩවසම් රංගන ශිල්පී චතුර රාජපක්ෂ අතර පසුගිය කාලයේ පැතිර ගිය ප්‍රේම සම්බන්ධතාවය පිළිබඳ කසුකුසුව යළිත් අලුත් වී තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ, මෙම ජනප්‍රිය යුවළ මනාල යුවළක් ලෙසින් සැරසී සිටින අලංකාර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමයි.

මෙම ඡායාරූප, මෙරට ප්‍රකට ඡායාරූප ශිල්පී ලක්මාල් සිංහාරගේ නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබීමත් සමඟයි රසික අවධානයට ලක්වූයේ. දක්ෂතාවයෙන් මෙන්ම සුන්දරත්වයෙන්ද පිරිපුන් තරින්දි ප්‍රනාන්දු සහ කා අතරත් ආදරයට පාත්‍ර වූ චතුර රාජපක්ෂ, මෙම ඡායාරූපවලින් ප්‍රේක්ෂක හදවත් තව තවත් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම ඡායාරූප රූගත කිරීමක් සඳහාද, නැතහොත් ඔවුන්ගේ සැබෑ ජීවිතයේ ප්‍රේම සම්බන්ධතාවයක තවත් ඉදිරි පියවරක් දැයි යන්න පිළිබඳව රසිකයන් අතර දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. මෙම අලංකාර යුවළගේ ප්‍රේම කතාවේ සැබෑ තත්ත්වය කුමක් වුවත්, ඔවුන් දෙදෙනා එක්ව සිටින මෙම ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය පුරා සීග්‍රයෙන් පැතිර යමින් පවතිනවා.

ඔබත් හිතන්නේ මේ ඔවුන්ගේ ප්‍රේම කතාවේ තවත් එක් සුන්දර මොහොතක් කියලද?

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්