සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

නෙත්මි අහිංසාගෙන් ඓතිහාසික පදක්කමක්

වයස අවුරුදු 23න් පහළ ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් එක් කරමින්, නෙත්මි අහිංසා ඊයේ (ජූනි 20) කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ

මිතුරන් සමග බෙදාගන්න

වයස අවුරුදු 23න් පහළ ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් එක් කරමින්, නෙත්මි අහිංසා ඊයේ (ජූනි 20) කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තා.

ආසියානු මට්ටමේ තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් මෙවැනි දක්ෂතාවක් දැක්වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වීම මෙම ජයග්‍රහණයේ සුවිශේෂීත්වයයි.

නෙත්මි අහිංසා මෙම තරගය ජයගත්තේ කසකස්තානයේ නිලුෆර් රයිමෝවා ක්‍රීඩිකාව ලකුණු 12-04ක් ලෙස පරාජය කරමින්.

වියට්නාමයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු මල්ලවපොර ශූරතාවලියේදී නෙත්මි අහිංසාගේ මෙම දක්ෂතාව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල උත්තේජනයක් ලබා දෙනු නොඅනුමානයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්