සිරස්තල
විදුලි ගාස්තු 13.5%කින් ඉහළ දැමීමේ යෝජනාවට මහජන අදහස් විමසීම ඇරඹෙයි ඉන්දු – පාකිස්තාන ගැටුම ඩිජිටල් අවකාශය හොල්ලයි අඩසියවසකට පසු මිනිසුන් යළි සඳ වෙත පවතින ගෑස් හිඟය හමුවේ රජයෙන් දැඩි තීරණයක් බුදුදහමට එල්ල වන අභියෝග හමුවේ මහා සඟ සමුළුවෙන් කරුණු 10ක “සංඝ ප්‍රතිඥාවක්” යටියන්තොටදී සංචාරක බස් රථයක් මාරක අනතුරකට ලක්වෙයි ජොන්ස්ටන් ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනයේ වෙඩික්කරු සහ මෙහෙයවූ “ටුටූ” හඳුනාගනී ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගය, පෙත්සම අප්‍රේල් 28 වනදා යළි කැඳවයි උද්භිද උද්‍යානවලින් රජයට බිලියනයක ආදායමක්

පවතින ගෑස් හිඟය හමුවේ රජයෙන් දැඩි තීරණයක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ලිට්‍රෝ (Litro) සහ ලාෆ්ස් (Laugfs) ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ද දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

මිතුරන් සමග බෙදාගන්න

දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ලිට්‍රෝ (Litro) සහ ලාෆ්ස් (Laugfs) ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ද දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිය දැඩි ස්ථාවරය ප්‍රකාශ කර සිටියේය.

අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ වෙළෙඳපොළේ පවතින හිඟය මඟහරවා ජනතාවට අවශ්‍ය ගෑස් තොග අඛණ්ඩව නිකුත් කිරීම අදාළ සමාගම් සතු පැහැර හැරිය නොහැකි වගකීමක් බවයි.

විශේෂයෙන්ම ලාෆ්ස් ගෑස් සමාගම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පවසා සිටියේය,

ලාෆ්ස් සමාගම විසින් නියමිත පරිදි ගෑස් සැපයීමට අපොහොසත් වන්නේ නම්, ඒ පිළිබඳව රජය මැදිහත් වී විශේෂ තීරණයක් ගැනීමට සූදානම් බව. පාරිභෝගිකයින් පීඩාවට පත්            කරමින් ගෑස් හිඟයක් මවාපෑමට කිසිදු පාර්ශවයකට ඉඩ නොදෙන බව.

ගෑස් හිඟය හේතුවෙන් විශේෂයෙන්ම ආපනශාලා සහ ආහාර නිෂ්පාදන කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්ව තිබේ. බොහෝ ව්‍යාපාරිකයින් පවසන්නේ ගෑස් නොමැති වීම නිසා සිය දෛනික ආදායම අහිමි වී ඇති බවයි.

රජය මැදිහත් වී මෙම ගැටලුව කඩිනමින් විසඳා වෙළෙඳපොළේ ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කරනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් පසුවෙති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්