සිරස්තල
මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අතරතුර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ, සිමන්ස් ඊයේ (ජූලි

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අතරතුර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ, සිමන්ස් ඊයේ (ජූලි 04) ලන්ඩන් බලා පිටත්ව ගොස් ඇති බවයි.

ඔහු මෙලෙස ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇත්තේ, කලින් නියම කර ගත් වෛද්‍ය උපදේශන කටයුතු වෙනුවෙන් බව තොරතුරු වාර්තා වේ.

බංග්ලාදේශ කණ්ඩායමේ කළමනාකරු නෆීස් ඉක්බාල් සඳහන් කළේ, ප්‍රතිකාරවලින් අනතුරුව ලබන ජූලි 08 වනදා පැවැත්වෙන අවසන් එක්දින තරගය වෙනුවෙන් ජූලි 07 වනදා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරුට අද (ජූලි 05) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දී කණ්ඩායම සමඟ රැඳීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට ආරම්භවීමට පෙර සිමන්ස් මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඊට අනුමැතිය ලබාගෙන තිබුණා. ෆිල් සිමන්ස්ට පසුගිය පෙබරවාරි මාසයේ දී මෙම වෛද්‍ය උපදේශන කටයුතු සඳහා වෛද්‍යවරුන් හමුවීමට තිබුණද, චැම්පියන්ස් කුසලානය හේතුවෙන් ඔහුට එය මඟ හැරී තිබුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්