සිරස්තල

බාල ගල්අඟුරු පිළිබද මහජන උපයෝගිතා කොමිසමෙන් සහ අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ

වර්තමානයේ දැඩි කතාබහට ලක්ව ඇති ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

මිතුරන් සමග බෙදාගන්න

වර්තමානයේ දැඩි කතාබහට ලක්ව ඇති ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

යටිතල පහසුකම් හා උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ලබාදුන් නියෝගයකට අනුව මෙම පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වේ.

මේ අතර, අදාළ ගල්අඟුරු ගනුදෙනුවේදී සිදුව ඇතැයි කියන දූෂණ ක්‍රියා පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ඊයේ (25) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

නිසි ප්‍රමිතියෙන් තොර ඉන්ධන හා බලශක්ති ප්‍රභවයන් භාවිතය හරහා සිදුවන පාරිසරික හා සෞඛ්‍ය බලපෑම මෙන්ම මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ද එහිදී අවධානය යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා චෝදනා කළේ, මෙම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගනුදෙනුව හේතුවෙන් රුපියල් මිලියන 1,800කට අධික මූල්‍ය පාඩුවක් ජනතාව මත පැටවී ඇති බවයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ බලධාරීන්ගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් විදුලි පාරිභෝගිකයින්ට මෙම බර දරා ගැනීමට සිදුව ඇති බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්