රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වෙමින් තිබූ දොඹකරයක්, කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසල නවතා තිබූ යතුරු පැදි 6ක සහ මෝටර් රථ 3ක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 7 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. රෝහල් ගත කිරීමේදී මියගොස් ඇත්තේ අවුරුදු 62ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙක් බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ. තුවාලකරුවන් අතරින් දෙදෙනෙකු කාන්තාවන් වන අතර, ඉතිරි පස්දෙනා පිරිමි පුද්ගලයන් වනවා.
අනතුර සිදුකළ දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය සැක කරන්නේ දොඹකරයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.