“මම ඊශ්වර දෙවියන්ගේ වයිෆ්” – අද කොළඹ අධිකරණය ඉදිරිපිට වූ වෙනස්ම කතාව

අද (අගෝස්තු 26) උදෑසන කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අපූරු සිදුවීමක් වාර්තා වුණා. තොප්පියක් අතින් ගෙන, කොළ පැහැති හැට්ටයකින් සහ රතු පැහැති කලිසමකින් සැරසී සිටි

මිතුරන් සමග බෙදාගන්න

අද (අගෝස්තු 26) උදෑසන කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අපූරු සිදුවීමක් වාර්තා වුණා. තොප්පියක් අතින් ගෙන, කොළ පැහැති හැට්ටයකින් සහ රතු පැහැති කලිසමකින් සැරසී සිටි කාන්තාවක්, “මම ඊශ්වර දෙවියන්ගේ වයිෆ්” යැයි පවසමින් අමුතු ආකාරයෙන් හැසිරෙන්නට පටන් ගත්තා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ඇය විවිධ ප්‍රකාශ කළා. “උඹලා හුනියන් කරලා ආණ්ඩුව ගත්තේ, මගේ කේන්දරෙත් අරගෙන ගියා තොපි, හිටපල්ලකො මං හොඳ වැඩක් කරනවා… ප්‍රසිද්ධ තැන්වල එහෙම ලයිට් යනවද යකෝ… රනිල් මහත්තයා බුදු වෙන්න ඕනි…” ආදී වශයෙන් ඇය ප්‍රකාශ කරද්දී, අවට සිටි බොහෝ දෙනා සිනාසුණු බව වාර්තා වේ.

ඇයගේ මෙම හැසිරීම අවට මාර්ගවල ගමන් කරන පිරිස්ද කුතුහලයෙන් යුතුව බලා සිටි අතර, මේ වන විට මෙම කාන්තාවගේ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතිනවා. මෙම සිදුවීම, අද අධිකරණ පරිශ්‍රයේ වූ දැඩි ආතතිය මධ්‍යයේ හාස්‍යජනක මොහොතක් නිර්මාණය කළ බව බොහෝ දෙනා අදහස් පළ කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්