සිරස්තල
අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි ඊශ්‍රායලයෙන් ලෙබනනයට මාරක ප්‍රහාරයක් නේටෝවෙන් ඉවත් වීමේ සූදානමක්? ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී හමුව උණුසුම් වෙයි

මාලිංගගේ උපදේශක ධුරය ලෝක කුසලානය අවසන් වනතුරු දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව, 2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය අවසානය දක්වා ඔහු ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය ශක්තිමත් කිරීම සඳහා සිය දායකත්වය ලබා දීමට නියමිතය.

පසුගිය තරගාවලි කිහිපයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා සහ මාලිංගගේ මගපෙන්වීම යටතේ ඔවුන් ලබා ඇති ප්‍රගතිය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. විශේෂයෙන්ම,

2026 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ උපක්‍රමික දැනුම සහ මානසික ඒකාග්‍රතාව ඉහළ නැංවීම.

මතීෂ පතිරණ සහ නුවන් තුෂාර වැනි “මලිංග ශෛලියේ” පන්දු යවන්නන්ගේ දක්ෂතා තවදුරටත් ඔප්නැංවීම.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විශ්වාස කරන්නේ මාලිංග වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු උපදේශකත්වයේ රැඳී සිටීම, ඉදිරි ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට විශාල ශක්තියක් වනු ඇති බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්