මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා ඒකාබද්ධව එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ මියගිය සංඛ්‍යාව 550 ඉක්මවා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.ජාත්‍යන්තර රතු කුරුස සංගමය

මිතුරන් සමග බෙදාගන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා ඒකාබද්ධව එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ මියගිය සංඛ්‍යාව 550 ඉක්මවා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.ජාත්‍යන්තර රතු කුරුස සංගමය පවසන පරිදි පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ නගර 131ක් ඉලක්ක කර ගනිමින් දරුණු ප්‍රහාර එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරවලින් සිවිල් වැසියන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඉරානයේ බාලිකා ප්‍රාථමික පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් පමණක් පුද්ගලයන් 165 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මීට අමතරව රෝහල් නවයකට බරපතළ හානි සිදුවී ඇති බවත්, එහි ප්‍රතිකාර ලැබූ රෝගීන් රැසක් තුවාල ලබා ඇති බවත් ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් බෙයිගි තහවුරු කළේය. මියගිය පිරිස අතර ඉරානයේ රැඳී සිටි චීන ජාතිකයෙකු ද වන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

යුද්ධයේ බලපෑම කලාපයේ සෙසු රටවලට ද ව්‍යාප්ත වී ඇති අතර ඊශ්‍රායලය තුළ ද පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මීට අමතරව දකුණු ලෙබනනය සහ බේරූට් වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

කලාපීය වශයෙන් ගත් කල, ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බහරේනයේ කාර්මික නගරයක තිබූ විදේශීය නෞකාවක හටගත් ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එමෙන්ම කුවේටයේ රැඳී සිටි ඇමෙරිකානු සේවා සාමාජිකයන් තිදෙනෙකු මියගිය බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා තහවුරු කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්