රතු මුහුදේ සැබ්මැරීන අනතුරකින් 6ක් මරුට

ඊජිප්තු රතු මුහුදේ සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක් වීමෙන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සිටි පුද්ගලයින් 44දෙනෙකු බේරා ගෙන ඇති

මිතුරන් සමග බෙදාගන්න

ඊජිප්තු රතු මුහුදේ සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක් වීමෙන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සිටි පුද්ගලයින් 44දෙනෙකු බේරා ගෙන ඇති බවයි.

මියගිය සියලු දෙනා රුසියානු ජාතිකය්න් වේ.

අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය හා සංචාරකයින් 50 දෙනෙකු සබ්මැරීනය තුළ සිට ඇත.

එහි සිටි පිරිස අතර රුසියාව, ඉන්දියාව, නෝර්වේ සහ ස්වීඩනය යන රටවලින් පැමිණි පුද්ගලයින් ද වේ.

ඊජිප්තුවේ හර්ගාඩා වෙරළට කිලෝමීටරයක් ​​පමණ ඔබ්බෙන් වූ මුහුදේදී අනතුර සිදුව තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්