රෝමයේදී රුමේෂ්ගෙන් මහා වාර්තා වැස්සක්

ඉතාලියේ රෝම නුවර පැවැත්වෙන ලෝක ප්‍රකට ‘ඩයමන්ඩ් ලීග්’ (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ සුපිරි තරුව වන රුමේෂ් තරංග මුළු මහත් ක්‍රීඩා

මිතුරන් සමග බෙදාගන්න

ඉතාලියේ රෝම නුවර පැවැත්වෙන ලෝක ප්‍රකට ‘ඩයමන්ඩ් ලීග්’ (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ සුපිරි තරුව වන රුමේෂ් තරංග මුළු මහත් ක්‍රීඩා ලෝකයම මවිතයට පත් කරමින් අතිතිහාසික රන් අකුරු වැනි වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

මෙරට වේලාවෙන් ඊයේ (04) රාත්‍රියේ පැවති මෙම ප්‍රමුඛ පෙළේ ඉසව්වේදී, 23 හැවිරිදි රුමේෂ් තරංග මීටර් 92.62ක දැවැන්ත දුරක් හෙල්ල විසිකරමින් මෙම අදහාගත නොහැකි ජයග්‍රහණය වාර්තා කළේය.

රුමේෂ්ගේ මෙම ප්‍රහාරාත්මක දක්ෂතාව නව ඩයමන්ඩ් ලීග් තරගාවලි වාර්තාවක් (Meet Record) ලෙස සටහන් වන අතර, එය 2026 වසරේ මේ දක්වා ලොව පුරා වාර්තා වූ හොඳම හෙල්ල විසිකිරීම (World Lead) ද වේ.

මෙහිදී ඔහු බිඳහෙලනු ලැබුවේ වසර 20ක් තිස්සේ නොබිඳී පැවති වාර්තාවකි. එනම්, 2006 වසරේදී නෝර්වීජියානු ජාතික සුපිරි ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් මීටර් 90.34ක දුරක් විසිකරමින් තබා තිබූ වාර්තාව රුමේෂ් විසින් මෙලෙස අකාසි කර දමන ලදී.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසය තුළ මීටර් 90 සීමාව පසුකළ ප්‍රථම සහ එකම ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග ඉතිහාසගත වේ. එමෙන්ම ඔහු හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 90 සීමාව පසුකළ සමස්ත ආසියාවේ සිව්වන ක්‍රීඩකයා (4th Asian) බවට පත් විය. මීට පෙර චීන තායිපේ හි චෙං චාඕ-සුන් (මීටර් 91.36) සහ ඉන්දියාවේ සුපිරි ක්‍රීඩක නීරාජ් චොප්රා (මීටර් 90.23) පමණක් එම සීමාව පසුකර තිබුණි.

මෙම දක්ෂතාව ආසියානු ක්‍රීඩකයෙකු ඉතිහාසයේ වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාව ද වේ. එහි පෙරමුණේ පසුවන පාකිස්තානයේ ඔලිම්පික් ශූර අර්ෂාඩ් නදීම් පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 92.97ක වාර්තාවක් තබා ඇති අතර, රුමේෂ් සහ ඔහු අතර ඇත්තේ සෙන්ටිමීටර 35ක ඉතා සුළු පරතරයක් පමණි.

ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ හොඳම හෙල්ල විසිකිරීම් (All-Time Best Throws) ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට පත්වීමට ද රුමේෂ් සමත්ව ඇත. කෙසේ නමුත්, මෙය ලොව පුරා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයෙකු වසර 4කට වැඩි කාලයක් තුළ මීටර් 92 සීමාව පසුකළ දෙවන අවස්ථාව පමණක් වීම විශේෂත්වයකි.

මෙහිදී රුමේෂ් විසින් බිඳහෙලනු ලැබුවේ ඉකුත් මාර්තු මාසයේදී ලංකාවේදී මීටර් 89.37ක දුරක් විසිකරමින් තබා තිබූ ඔහුගේම ශ්‍රී ලංකා ජාතික වාර්තාවයි (National Record). මීට පෙර කෙන්යාවේ නයිරෝබි හි පැවති තරගයකදී ද ඔහු මීටර් 89.28ක දක්ෂතාවක් දක්වමින් තමන් සතු විශිෂ්ට රිද්මය ලෝකයටම පෙන්වා දී තිබුණි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්