සිරස්තල
කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක් රටේ තෙල් හිඟයක් නෑ – ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට සහතිකයක් “ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර

වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ පිළිබඳව රජය විසින් නිවේදනයක්

දේශීයව නිෂ්පාදනය කරන දියර කිරි සහ යෝගට් වර්ග සඳහා එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

මිතුරන් සමග බෙදාගන්න

දේශීයව නිෂ්පාදනය කරන දියර කිරි සහ යෝගට් වර්ග සඳහා එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දැනුම් දෙයි.

මෙම නව බදු සහනය අප්‍රේල් 11 වන දින සිට ක්‍රියාත්මක වන අතර, නිෂ්පාදිත දියර කිරි සහ යෝගට්වල අවම වශයෙන් 50% ක් නැවුම් කිරි අඩංගු විය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම වෙනස සිදු වන්නේ, එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුවය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අප්‍රේල් 11 වන දින මෙම පනතට අනුමැතිය ලබා දුන් අතර, එදින සිට එය බලාත්මක වේ. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු සම්බන්ධව සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.

දියර කිරි සහ යෝගට් වලට අමතරව, ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලි උත්පාදනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇත.

එසේම, නව එකතු කළ අගය මත බදු සංශෝධන පනත යටතේ විදේශීය පුද්ගලයින් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බද්දක් අය කිරීමට ද රජය තීරණය කර ඇත. මෙම නව බදු ක්‍රමය ඔක්තෝබර් 01 වන දින සිට ක්‍රියාත්මක වන අතර, විදේශීය සමාගම් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන් සඳහා වැට් බද්ද අදාළ වේ.

වාණිජ කටයුතු සඳහා භාණ්ඩ ආනයනය හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනත යටතේ ලියාපදිංචි වීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්