සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ඊශ්‍රායලය එල්ල කළ නවතම ප්‍රහාරයකින් ලෙබනන් වැසියන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින්

මිතුරන් සමග බෙදාගන්න

දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ඊශ්‍රායලය එල්ල කළ නවතම ප්‍රහාරයකින් ලෙබනන් වැසියන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 37 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින බව තහවුරු වී ඇත.

පවතින සාමකාමී එකඟතාවන් නොතකා ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයේ නගර හතක වැසියන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට මීට පෙර අනතුරු අඟවා තිබුණි.

මෙම ගැටුම්කාරී තත්ත්වය අතරතුර තම හමුදාවේ සෙබළෙකු ද මියගොස් ඇති බව ඊශ්‍රායලය නිල වශයෙන් තහවුරු කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, තම රටේ සහ සොල්දාදුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක දැඩිව ක්‍රියා කිරීමට පසුබට නොවන බවයි.

ඊශ්‍රායලය දිගින් දිගටම සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කරමින් ප්‍රහාර එල්ල කරන්නේ නම්, තමන් ද සටන් නැවැත්වීමට සූදානම් නැති බව හිස්බුල්ලා සංවිධානය අවධාරණය කර තිබේ. මෙම තත්ත්වය හමුවේ කලාපය තුළ යළිත් වරක් දැඩි යුදමය ආතතියක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්