සිරස්තල
ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක්

සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම්

පවතින බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන සහ විදුලිය පිරිමසා ගැනීමේ අරමුණින් සෑම සතියකම බදාදා දිනය විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර

මිතුරන් සමග බෙදාගන්න

පවතින බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන සහ විදුලිය පිරිමසා ගැනීමේ අරමුණින් සෑම සතියකම බදාදා දිනය විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඊයේ (16) සඳහන් කළේ, මෙම විශේෂ නිවාඩු දිනයන්හිදී උපකාරක පන්ති (Tuition Classes) පැවැත්වීම සපුරා තහනම් වන බවයි.

මෙම නිවාඩුව පාසල්, විශ්වවිද්‍යාල, අධිකරණ සේවා ඇතුළු සියලුම රජයේ කාර්යාල සඳහා බලපැවැත්වේ. කෙසේ වෙතත්, මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සපයන පහත සඳහන් අංශ මෙම නිවාඩුවට ඇතුළත් නොවේ:

  • සෞඛ්‍ය සේවා

  • වරාය සහ රේගුව

  • බලශක්ති සහ ඉන්ධන සැපයුම්

  • ජල සම්පාදන අංශ

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පෞද්ගලික අංශයේ ආයතන ද සෑම බදාදා දිනකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි. එමෙන්ම, නැවත දැනුම් දෙන තුරු සියලුම රාජ්‍ය උත්සව සහ උත්සව සංවිධානය කිරීම තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන ඇත.

මේ අතර සංචාරක, කෘෂිකර්ම සහ වැවිලි වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තක්සේරු කර, ඒ අනුව අමතර ඉන්ධන කෝටාවන් (Fuel Quota) නිකුත් කිරීමට රජය කටයුතු කරමින් සිටී.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ බදාදා නිවාඩුව හැරුණු විට සතියේ ඉතිරි දින හතර තුළ සේවක මණ්ඩලය කළමනාකරණය කිරීමේ පූර්ණ බලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට පවරා ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම හදිසි සේවා කප්පාදුව සහ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත රජයේ විභාග කාලසටහන්වලට යම් බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බව ද හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්