සිරස්තල
ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් දින 90ක නොමිලේ වීසා Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

සීගිරියෙන් අලි තිදෙනෙකුගේ මළ සිරුරු කොටස් හමු වෙයි; තවත් ඇතෙක් ගල්ගමුවෙන්

දඹුල්ල, සීගිරිය, දිගම්පතහ රක්ෂිතයේ තිබී අද (ජූලි 22) මියගිය වන අලි තිදෙනෙකුගේ සිරුරු කොටස් සොයාගෙන තිබෙනවා. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේ, මෙම

මිතුරන් සමග බෙදාගන්න

දඹුල්ල, සීගිරිය, දිගම්පතහ රක්ෂිතයේ තිබී අද (ජූලි 22) මියගිය වන අලි තිදෙනෙකුගේ සිරුරු කොටස් සොයාගෙන තිබෙනවා. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේ, මෙම වන අලින් දින කිහිපයකට පෙර මිය යන්නට ඇතැයි සැක කරන බවයි.

වන අලින්ගේ සිරුරු කොටස් රක්ෂිතයේ ආසන්න ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී සොයාගෙන ඇත. මියගිය අලින්ගෙන් එක් අලියෙකුගේ වයස අවුරුදු 40ක් පමණ වන අතර, අනෙක් වන අලින් දෙදෙනා වයස අවුරුදු 16ත් 15ත් අතර පසුවන බව වනජීවී නිලධාරීන් පවසනවා.

මේ අතර, ගල්ගමුව ප්‍රදේශයෙන් ද වෙඩි වැදී මියගිය ඇතෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

මෙම අවාසනාවන්ත සිදුවීම් හරහා වන අලි මිනිස් ගැටුම සහ වන සතුන් ආරක්ෂා කිරීමේ වැදගත්කම යළිත් වරක් ඉස්මතු වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්