නදීශා හේමාලිගේ 40 වැනි උපන්දිනය වෙනුවෙන් නිර්මාණය වූ මෙම විශේෂ ඡායාරූප එකතුව ඔබට මෙහිදී දැකගත හැකිය. “40 has never looked this good” යන තේමාව යටතේ නිර්මාණය වූ මෙම ඡායාරූප එකතුව, ඇයගේ රූමත් බව, කාලය ඉක්මවා ගිය චමත්කාරය සහ නිදහස් ආත්මය මනාවට විදහා දක්වයි.
“She walks where the sea and starlight meet, soft sand bending to her feet. A mermaid soul, forever free, woven with whispers of the sea.”
යන කවි පද පෙළින් විස්තර වන පරිදි, මෙම ඡායාරූප පෙළ මුහුද සහ තරු එළිය අතර, මනස්කාන්ත පරිසරයකදී රූගත කර ඇත. එහිදී නදීශාගේ රන්වන් සම හිරු එළිය මෙන් බැබළෙන අතර, ඇයගේ සුන්දරත්වය සහ පෞරුෂය මුහුදු රළ මෙන් නිදහස්ව විහිදේ.
මෙම කලාත්මක නිර්මාණය පිටුපස සිටි දක්ෂ ශිල්පීන්:
- ඡායාරූපකරණය සහ සංකල්පය: Raffealla Fernando
- කේශාලංකරණය සහ රූපලාවණ්‍ය: Nuwan Wijethunga
- පසු නිෂ්පාදන කටයුතු: Dilsh
මෙම ඡායාරූප එකතුව රූගත කර ඇත්තේ Mount Lavinia Hotel හි සුන්දර පරිසරය තුළදීය.