තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, සුපිරි නළු විජේ නායකත්වය දරන තමිල්ග වෙට්රි කලගම් (TVK) පක්ෂය 17 වන ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. මෙම ජයග්‍රහණයත් සමඟ වසර 50කට ආසන්න කාලයක් තමිල්නාඩු පාලනය කළ DMK සහ AIADMK පක්ෂවල ද්විධ්රැවී ආධිපත්‍යය බිඳ දැමීමට විජේ සමත්ව ඇත
TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට අධික ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර, එය සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 35%ක අගයකි. කෙසේ වෙතත්, තනිව රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය වන ආසන 118 සීමාව පසු කිරීමට විජේගේ පක්ෂයට තවත් ආසන 10ක අඩුවක් පවතී. ඒ අනුව බලය පිහිටුවීම සඳහා වෙනත් පක්ෂයක සහාය ලබා ගැනීමට TVK පක්ෂයට සිදු වනු ඇත.
2024 වසරේදී පක්ෂය පිහිටුවූ දින සිට විජේ අනුගමනය කළ සුවිශේෂී ප්‍රචාරණ රටාව මෙම ජයග්‍රහණයට මග පාදා ඇත. ඔහු DMK පක්ෂය සිය ප්‍රධාන “දේශපාලන ප්‍රතිවාදියා” ලෙසත්, BJP පක්ෂය සිය “ප්‍රතිපත්තිමය ප්‍රතිවාදියා” ලෙසත් නම් කරමින් මැතිවරණ ව්‍යාපාරය දියත් කළේය.
මෙමඟින් තරුණ ප්‍රජාව, කාන්තාවන් සහ පළමු වරට ඡන්දය භාවිතා කරන තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ඔහුට හැකි විය. විශේෂයෙන්ම චෙන්නායි වැනි නාගරික කලාප මෙන්ම AIADMK පක්ෂයේ බලකොටු ලෙස සැලකෙන කොයම්බුතූර් සහ සේලම් වැනි නගරවල ද සිය බලය තහවුරු කර ගැනීමට TVK පක්ෂය සමත් වී තිබේ.
විජේ මහ ඇමති ධුරයේ දිවුරුම් දුනහොත්, ඔහු ඉතිහාසගත වන්නේ එන්.ටී. රාමාරාඕ (NTR) මහතාට පසුව සිනමාවේ සිට දේශපාලනයට පැමිණ මෙවැනි දැවැන්ත ජයක් ලැබූ දෙවන නළුවා ලෙසයි. විජේගේ පෞද්ගලික ජනප්‍රියත්වය සහ පවතින දේශපාලන ක්‍රමවේදය කෙරෙහි ජනතාව තුළ තිබූ කළකිරීම මෙම පෙරළිකාර ජයග්‍රහණයට ප්‍රධානතම හේතුව වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.