ඉන්දීය A කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගයෙන් සුපිරි පන්දුවාරයේදී (Super Over) විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.2ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස්කර ගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 266ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ද නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 265ක් ලබා ගැනීමට සමත් වීම නිසා තරගය සම තත්ත්වයෙන් (Tie) අවසන් විය.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට තරග විනිසුරුවරුන් පියවර ගත්හ. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක් ලබාගත් අතර, ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 09ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී ලකුණු 07ක ජයක් සතු කර ගත්තේය.