සිරස්තල
ආනයන බදු සාධාරණීකරණය කරමින් ට්‍රම්ප්ගෙන් පැය දෙකකට ආසන්න විශේෂ දේශනයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටු වෙයි බිරිඳ සහ අසල්වැසි කාන්තාව එක්ව පුද්ගලයෙකු පහරදී ඝාතනය කරයි සුපිරි 8 වටයේ ශ්‍රී ලංකා – නවසීලන්ත ගැටුම අද ආර්. ප්‍රේමදාස පිටියේදී 2026 වසරේ අපනයන ක්ෂේත්‍රයෙන් සුබදායී ආරම්භයක් විස්සයි-20 ලෝක කුසලාන අවසන් සටන් සඳහා ප්‍රවේශ පත්‍ර අද සිට හල්දුම්මුල්ල රක්ෂිතයේ මහා පරිමාණ ගංජා වැටලීමක් වසර දෙකක රියදුරු බලපත්‍ර පමාව අවසන් පොලිස් නිලධාරියෙකුගේ නිවස ඉදිරිපිට හිසක් තැබීමේ බිහිසුණු පාතාල සැලැස්මක් ව්‍යර්ථ වෙයි යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි

සුපිරි 8 වටයේ ශ්‍රී ලංකා – නවසීලන්ත ගැටුම අද ආර්. ප්‍රේමදාස පිටියේදී

2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා වන බලාපොරොත්තු තීරණය කෙරෙන තීරණාත්මක මෙන්ම තියුණු තරගයක් අද (25) රාත්‍රී 7:00 ට කොළඹ ආර්.

මිතුරන් සමග බෙදාගන්න

2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා වන බලාපොරොත්තු තීරණය කෙරෙන තීරණාත්මක මෙන්ම තියුණු තරගයක් අද (25) රාත්‍රී 7:00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම ‘සුපිරි 8’ වටයේ සටනේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමඟ තරග බිමට පිවිසෙන්නේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය සුරක්ෂිත කර ගැනීම සඳහා මෙම තරගය ජය ගැනීම අනිවාර්යය යන දැඩි ඉලක්කය පෙරදැරි කරගෙනය.

තරගය නැරඹීම සඳහා පැමිණෙන ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් ක්‍රීඩාංගණයේ ඇතුළුවීමේ කවුළු පස්වරු 4:00 ට විවෘත කිරීමට සංවිධායකයින් කටයුතු කර ඇත. ඇතුළුවීමේදී ඇතිවිය හැකි තදබදය අවම කර ගැනීම සඳහා හැකි ඉක්මනින් ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි. ප්‍රවේශ පත්‍ර පරීක්ෂාව සහ ආරක්ෂක විධිවිධාන හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් මඟහරවා ගැනීමට කල්වේලා ඇතිව පැමිණීම වඩාත් පහසු වනු ඇත.

මේ අතර, තරගය පැවැත්වෙන ප්‍රදේශය ආශ්‍රිතව මහජන ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සංවිධානයක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් ජනතාවට දැනුම් දී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්