හෙට සිට කාලගුණය වෙනස් වෙයි

දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට (පෙබරවාරි 12) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද දිනයේ දිවයිනේ බොහෝ

මිතුරන් සමග බෙදාගන්න

දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට (පෙබරවාරි 12) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, වියළි කාලගුණයක් පවතිනු ඇත. කෙසේ වෙතත්, නැගෙනහිර සහ දකුණු පළාත්වල දිස්ත්‍රික්ක කිහිපයක සුළු වශයෙන් වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ. (අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මොනරාගල)

අලුයම් කාලයේදී රියදුරන් සහ මගීන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු මීදුම් සහිත තත්ත්වයක් දිවයිනේ ප්‍රදේශ රැසක ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

පළාත්: බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ.

දිස්ත්‍රික්ක: ගාල්ල සහ මාතර.

පවතින වියළි ස්වභාවය හෙට සිට වෙනස් වෙමින් වැසි ඇතිවීමට හිතකර වාතාවරණයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්