සිරස්තල
වැලිකඩ රැඳවියෙකුගේ මරණය: බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට නාවලපිටියේදී පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට: සිසුන් 13ක් රෝහලේ සුපිරි නළු විජේගේ TVK පක්ෂයට දැවැන්ත ජයක් “ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා”: ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇඟවීමක් ජාතික සමගියේ පියවර ආපසු හරවන්නේ නෑ මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා

2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් කණ්ඩායම් 6කට අවස්ථාව

2028 වසරේ දී අමෙරිකාවේ සත්කාරකත්වය යටතේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලට එක්කර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව

මිතුරන් සමග බෙදාගන්න

2028 වසරේ දී අමෙරිකාවේ සත්කාරකත්වය යටතේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලට එක්කර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව සලසාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.

ඒ සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබන නිර්ණායක මේ දක්වා ඔවුන් ප්‍රකාශයට පත්කර නොමැත.

කෙසේ නමුත් අමෙරිකාව සත්කාරක රට බැවින් ඔවුන්ට සෘජු ස්ථානයක් වෙන්වීමට ඉඩ ඇති අතර, සෙසු කණ්ඩායම් සුදුසුකම් 5 ලැබීමේ ක්‍රියාවලියක් මත තෝරාගනු ඇති බව සඳහන්.

සෑම කණ්ඩායමකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකු සඳහා කෝටා වෙන්කර ඇති අතර, ඒ අනුව සෑම කණ්ඩායමකටම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට හැකි වනු ඇත.

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල 2028 වසරේ ජූලි 14වනදා ආරම්භවන අතර, එය ජූලි 30වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාව විස්සයි20 ආකෘතියෙන් පැවැත්වේ.

වසර 130කට ආසන්න අතීතයක් ඇති ගිම්හාන ඔලිම්පික් උළෙල ඉතිහාසය තුළ ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයවනු ඇත.

අවසන් වරට ඔලිම්පික් උළෙලක දී ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ඇත්තේ 1900 වසරේදීය.

එවර රන් පදක්කම මහා බ්‍රිතාන්‍ය විසින් දිනාගෙන ඇති අතර, රිදී පදක්කම හිමිව ඇත්තේ ප්‍රංශයටය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්