සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

පළාත් සභා මැතිවරණ ක්‍රමය තීරණය කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

වසර කිහිපයක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු නිවැරදි ක්‍රමවේදය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර

මිතුරන් සමග බෙදාගන්න

වසර කිහිපයක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු නිවැරදි ක්‍රමවේදය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ, අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභාව පිහිටුවා ඇති බවයි.

මෙම විශේෂ කාරක සභාව වෙත පැවරී ඇති ප්‍රධාන වගකීම්,

    පළාත් සභා ඡන්ද විමසීම පරණ ක්‍රමයටද, නව මිශ්‍ර ක්‍රමයටද නැතහොත් වෙනත් විකල්ප ක්‍රමවේදයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බැලීම.

    පවතින නෛතික බාධා ඉවත් කරමින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය වන නිර්දේශ සහ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

    මේ සම්බන්ධයෙන් සියලු පාර්ශවයන්ගේ අදහස් විමසා සම්පූර්ණ වාර්තාවක් සකස් කිරීම.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කාරක සභාව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් නම් කර ඇත. ඒ අතරට:

මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍රා, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් නිපුණආරච්චි, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියආරච්චි සහ නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීන් ඇතුළත් වේ.

මෙම කාරක සභාවේ වාර්තාව කඩිනමින් ලබා ගැනීම හරහා දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභාවල ඡන්ද විමසීම පවත්වන දිනය පිළිබඳව නිශ්චිත තීරණයක් ගැනීමට රජය අපේක්ෂා කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්