පිල්ලෙයාන් දේශප්‍රේමියෙක් බව ප්‍රේමනාත් සී. දොළවත්ත පවසයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසන්නේ මේ වන විට ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට අනුව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇති බවයි. ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී

මිතුරන් සමග බෙදාගන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසන්නේ මේ වන විට ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට අනුව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇති බවයි.

ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ පිල්ලෙයාන් යනු මෙරට යුද්ධය නිමා කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක් බවත්, ඔහු පැහැදිලි දේශප්‍රේමියෙක් බවත්ය.

එසේම, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස පිල්ලෙයාන්ව හඳුන්වා දීමට ආණ්ඩුව උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.

යුද්ධයේ දුෂ්කරම අවස්ථාවන්හිදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ පිල්ලෙයාන්, යුද්ධය අවසන් කිරීම සඳහා තමන් සිටි පාර්ශ්වයෙන් ආණ්ඩුවට සහයෝගය දැක්වූ ආකාරයට ආණ්ඩුව කෘතඥතාව දක්වන්නේ මෙලෙස දැයි ප්‍රේමනාත් සී. දොළවත්ත ප්‍රශ්න කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්