සිරස්තල
හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑළියේදී අත්අඩංගුවට අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි

පිල්ලෙයාන් දේශප්‍රේමියෙක් බව ප්‍රේමනාත් සී. දොළවත්ත පවසයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසන්නේ මේ වන විට ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට අනුව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇති බවයි. ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී

මිතුරන් සමග බෙදාගන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසන්නේ මේ වන විට ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට අනුව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇති බවයි.

ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ පිල්ලෙයාන් යනු මෙරට යුද්ධය නිමා කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක් බවත්, ඔහු පැහැදිලි දේශප්‍රේමියෙක් බවත්ය.

එසේම, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස පිල්ලෙයාන්ව හඳුන්වා දීමට ආණ්ඩුව උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.

යුද්ධයේ දුෂ්කරම අවස්ථාවන්හිදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ පිල්ලෙයාන්, යුද්ධය අවසන් කිරීම සඳහා තමන් සිටි පාර්ශ්වයෙන් ආණ්ඩුවට සහයෝගය දැක්වූ ආකාරයට ආණ්ඩුව කෘතඥතාව දක්වන්නේ මෙලෙස දැයි ප්‍රේමනාත් සී. දොළවත්ත ප්‍රශ්න කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්