සිරස්තල
බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී

ජනාධිපතිගෙන් දෙමළ ඩයස්පෝරාවට ආරාධනාවක්

මාන්කුලම්හි ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත පුරයේ ආයෝජනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරයි. අද පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පැවති ජනහමුවකදි ඔහු මෙම

මිතුරන් සමග බෙදාගන්න

මාන්කුලම්හි ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත පුරයේ ආයෝජනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරයි.

අද පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පැවති ජනහමුවකදි ඔහු මෙම ආරාධනාව සිදු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,

“ගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයේදි දුරකථනයෙන් ඉල්ලුවේ ජනාධිපති පුතෙක්, පොහොට්ටුවෙන් ඉල්ලුවේ ජනාධිපති පුතෙක්, සිලින්ඩරෙන් ඉල්ලුවේ ජනාධිපති කෙනෙකුගේ බෑනෙක්, මම තඹුත්තේගම. ඒ අය හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා.”

“එමෙනම් ජනතාව මොකද්ද කළේ ? පළමු වරට හැදුවා මහජන මුදල් හොරකම් නොකරන ආණ්ඩුවක්. හොරකම් කරපු අයට මොකද කරන්නේ අහනවා. අනිවාර්යෙන්ම දඬුවම් ලබාදෙනවා. මේ වෙනකොටත් උතුරු – මැද හිටපු මහඇමති හිරේ, ඌවේ හිටපු මහඇමති රිමාන්ඩ්, නැ‍ගෙනහිර හිටපු මහඇමති රිමාන්ඩ්, තව හිටපු ඇමතිවරයෙක් හැංගිලා. හොඳයිනේ. හරියට වැඩේ කරනවා.”

“අපි නඩු දාලා තියෙනවා. හිටපු ජනපතිගේ ලොකු පුතාට එක නඩුවක් දැම්මා, දෙවැනි පුතාට නඩු දෙකක් දැම්මා, ආච්චිටත් එක නඩුවක් දැම්මා. පළමු වතාවට ආණ්ඩුවක් හදලා තියෙනවා තරාතිරම නොබලා කාටත් නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්. මැයි 6 වැනිදා මේ ආණ්ඩුවට තවත් විශාල හයියක් ලබාදෙන්න. ප්‍රාදේශීය සභා සියල්ල ජාතික ජන බලවේගයට භාරදෙන්න.ලෑස්තියිනේ… අපි දිනන්න ඕන. මේක ආපහු හැරෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ.”

“අපේ විශාල බලාපොරොත්තුනක් තියෙනවා මේ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා. ආණ්ඩුවේ පළමු කාලය තුළ ජාත්‍යන්තර තරගයක් පවත්වනවා. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා හැබැයි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධය නැති රටක් හදමු. අනන් ඒක තමයි ජාතික ජන බලවේගයේ වැඩේ. මේ ප්‍රදේශයේ හිටිය බොහෝ අය විදෙස්ගත වෙලා ඉන්නේ. ඔවුන්ට විශාල ආදායම් තියෙනවා. අපි ඒ සියලුදෙනාට ආරාධනා කරනවා එන්න ලංකාවට. ආයෝජනය කරන්න පටන්ගන්න. අපි මාන්කුලම්වල කර්මාන්ත පුරයක් ආරම්භ කරනවා ඒවට එන්න ආයෝජනය කරන්න. ඔබ කොහෝ හිටියත් මේක අපි ඉපදුන රට මේ රට හදන්න සහභාගි වෙන්න කියලා ඩයස්පෝරාවේ අයට කියනවා”

වෙනත් පුවත්

උණුසුම් පුවත්