සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

“පලමුවැනියා බිහිකරේ මමයි” AL ටියුෂන් ගුරුවරයෙක් කියයි

ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් 2024 උසස් පෙළ ප්‍රතිඵල අනුව ඔහුගේ පන්තියට සහභාගි වූ සිසුවෙක් එක්තරා විෂය ධාරාවකින් දිවයිනේ පළමු ස්ථානය ලබාගත් බව ප්‍රකාශ කර

මිතුරන් සමග බෙදාගන්න

ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් 2024 උසස් පෙළ ප්‍රතිඵල අනුව ඔහුගේ පන්තියට සහභාගි වූ සිසුවෙක් එක්තරා විෂය ධාරාවකින් දිවයිනේ පළමු ස්ථානය ලබාගත් බව ප්‍රකාශ කර ඇත. ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා ඇත්තේ එම ජයග්‍රහණය ඔහුගේ දිස්ත්‍රික්කයට හිමි වූ දෙයක් ලෙස තමා දකින බවයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ. විචාරකයින් පෙන්වා දෙන්නේ මෙවැනි උපකාරක පන්ති ගුරුවරුන් තම පන්තිවල සමස්ත සමත් අසමත් ප්‍රතිශත කිසි විටෙකත් වාර්තා නොකරන බවත්, එසේ කළහොත් එය බොහෝ විට දිවයිනේ සමස්ත අසමත් ප්‍රතිශතය ඉක්මවා යා හැකි බවත්ය.

තවද, සිසුන් 2000ක් පමණ සහභාගී වන පන්තියක ඉහළම සමත් ප්‍රතිශතය කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා වැනි ප්‍රමුඛ පාසල්වල එම විෂය ධාරාවේ සමත් ප්‍රතිශත සමඟ සැසඳීමෙන් මෙම නොමඟ යැවීම පැහැදිලි වනු ඇති බවත්, එසේ වුවද මෙම ගුරුවරුන්ගේ උලුප්පා දැක්වීම මෙන්ම එම සැසඳීම ද සාධාරණ නොවන බවත් එම සමාජ මාධ්‍ය සටහන්වල වැඩිදුරටත් දැක්වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්