සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

“පලමුවැනියා බිහිකරේ මමයි” AL ටියුෂන් ගුරුවරයෙක් කියයි

ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් 2024 උසස් පෙළ ප්‍රතිඵල අනුව ඔහුගේ පන්තියට සහභාගි වූ සිසුවෙක් එක්තරා විෂය ධාරාවකින් දිවයිනේ පළමු ස්ථානය ලබාගත් බව ප්‍රකාශ කර

මිතුරන් සමග බෙදාගන්න

ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් 2024 උසස් පෙළ ප්‍රතිඵල අනුව ඔහුගේ පන්තියට සහභාගි වූ සිසුවෙක් එක්තරා විෂය ධාරාවකින් දිවයිනේ පළමු ස්ථානය ලබාගත් බව ප්‍රකාශ කර ඇත. ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා ඇත්තේ එම ජයග්‍රහණය ඔහුගේ දිස්ත්‍රික්කයට හිමි වූ දෙයක් ලෙස තමා දකින බවයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ. විචාරකයින් පෙන්වා දෙන්නේ මෙවැනි උපකාරක පන්ති ගුරුවරුන් තම පන්තිවල සමස්ත සමත් අසමත් ප්‍රතිශත කිසි විටෙකත් වාර්තා නොකරන බවත්, එසේ කළහොත් එය බොහෝ විට දිවයිනේ සමස්ත අසමත් ප්‍රතිශතය ඉක්මවා යා හැකි බවත්ය.

තවද, සිසුන් 2000ක් පමණ සහභාගී වන පන්තියක ඉහළම සමත් ප්‍රතිශතය කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා වැනි ප්‍රමුඛ පාසල්වල එම විෂය ධාරාවේ සමත් ප්‍රතිශත සමඟ සැසඳීමෙන් මෙම නොමඟ යැවීම පැහැදිලි වනු ඇති බවත්, එසේ වුවද මෙම ගුරුවරුන්ගේ උලුප්පා දැක්වීම මෙන්ම එම සැසඳීම ද සාධාරණ නොවන බවත් එම සමාජ මාධ්‍ය සටහන්වල වැඩිදුරටත් දැක්වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්