සිරස්තල
නේරු සහ ඉන්දිරා පරදා මෝදි ඉතිහාසය අලුත් කරයි ‘එල් නිනෝ’ අවදානම ලබන මාසයේ සිට ලංකාවට අලුත්ගම ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාස 2ක් කුඩු කජු වත්තකට හොරෙන් පැනපු අයෙකුට මුරකරු වෙඩි තියයි තලවතුගොඩ අවන්හලක දරුණු ගින්නක් හතර දෙනෙකුට බරපතලයි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහාධිකරණයෙන් වරදකරු කෙරේ සංඥා නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට රටට අවශ්‍ය තරම් ඉන්ධන රැගත් නෞකා දෙකක් හෙට සහ අනිද්දා දිවයිනට වර්ෂාව මැද කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාව ඓතිහාසික වාර්තාවක් තබයි ඉතියෝපියාවේදී පැහැරගත් ලාංකිකයින් 3 දෙනා නිරුපද්‍රිතව මුදාගනියි

දෙවන ලෝක යුද්ධ ජයග්‍රාහී දිනයට සමගාමීව පුටින්ගෙන් යුක්‍රේනයට සටන් විරාමයක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනය සමඟ පවතින යුද්ධය වෙනුවෙන් දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරනවා. ඒ අනුව, ලබන

මිතුරන් සමග බෙදාගන්න

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනය සමඟ පවතින යුද්ධය වෙනුවෙන් දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරනවා.

ඒ අනුව, ලබන මැයි 08 වැනිදා සිට මැයි 11 වැනිදා දක්වා මෙම සටන් විරාමය ක්‍රියාත්මක වීමට නියමිතයි. දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රාහී දිනය සැමරීමට සමගාමීව මෙම තීරණය ගෙන තිබෙනවා.

මානුෂීය කරුණු සලකා බැලීමෙන් අනතුරුව රුසියානු ජනාධිපතිවරයා මෙම සටන් විරාමය ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, යුක්‍රේනය මෙම සටන් විරාමය කඩ කළහොත් රුසියානු හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව ද වාර්තා වෙනවා.

මීට පෙර පාස්කු ඉරිදා දිනයේදීත් රුසියාව පැය 30ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළා. නමුත් එම කාලය තුළ ප්‍රහාර තරමක් අඩු වුවත්, දෙපාර්ශ්වයම සටන් විරාමය උල්ලංඝනය කළ බවට එකිනෙකාට චෝදනා කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්