සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

දෙවන ලෝක යුද්ධ ජයග්‍රාහී දිනයට සමගාමීව පුටින්ගෙන් යුක්‍රේනයට සටන් විරාමයක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනය සමඟ පවතින යුද්ධය වෙනුවෙන් දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරනවා. ඒ අනුව, ලබන

මිතුරන් සමග බෙදාගන්න

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනය සමඟ පවතින යුද්ධය වෙනුවෙන් දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරනවා.

ඒ අනුව, ලබන මැයි 08 වැනිදා සිට මැයි 11 වැනිදා දක්වා මෙම සටන් විරාමය ක්‍රියාත්මක වීමට නියමිතයි. දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රාහී දිනය සැමරීමට සමගාමීව මෙම තීරණය ගෙන තිබෙනවා.

මානුෂීය කරුණු සලකා බැලීමෙන් අනතුරුව රුසියානු ජනාධිපතිවරයා මෙම සටන් විරාමය ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, යුක්‍රේනය මෙම සටන් විරාමය කඩ කළහොත් රුසියානු හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව ද වාර්තා වෙනවා.

මීට පෙර පාස්කු ඉරිදා දිනයේදීත් රුසියාව පැය 30ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළා. නමුත් එම කාලය තුළ ප්‍රහාර තරමක් අඩු වුවත්, දෙපාර්ශ්වයම සටන් විරාමය උල්ලංඝනය කළ බවට එකිනෙකාට චෝදනා කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්