සිරස්තල
සුප්‍රකට අයිවරියානු රෙගේ ගායක ඇල්ෆා බ්ලොන්ඩි ශ්‍රී ලංකාවට ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට

කොළඹ වරායට අභියෝගයක්: ඉන්දියාවේ විසිංජාම් අන්තර්ජාතික වරාය විවෘතයි

කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විසිංජාම් නමැති ස්ථානයේ අන්තර්ජාතික ගැඹුරු ජල බහුකාර්ය වරායක් විවෘත කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම්

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විසිංජාම් නමැති ස්ථානයේ අන්තර්ජාතික ගැඹුරු ජල බහුකාර්ය වරායක් විවෘත කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම් අදානි යන අය විසින් මෙම වරාය විවෘත කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම වරාය ඉන්දියාවේ ප්‍රථම ප්‍රතිනැව්ගතකරණ කේන්ද්‍රස්ථානය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.

දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රතිනැව්ගතකරණ මධ්‍යස්ථානය ලෙස දිගු කලක් ක්‍රියාත්මක වූ කොළඹ වරාය හරහා දැනට ගෙන යන භාණ්ඩවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගැනීමට ඉන්දියාව මෙම වරාය ඉදිකර තිබෙනවා.

මෙමඟින් කොළඹ වරායට පමණක් නොව ඩුබායි වරායටද යම් බලපෑමක් ඇතිවිය හැකි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සහයෝගීතාවයෙන් සංවර්ධනය කළ මෙම විසිංජාම් වරාය, බහාලුම් මෙහෙයවීමේදී ඉන්දියාව විදේශීය වරායන් මත යැපීම අඩු කරනු ඇති බව සඳහන්. තවද, තිරුවානන්පුරම් හි පිහිටි මෙම වරාය කලාපීය නාවික ගමන් මාර්ග වෙනස් කිරීමටත්, ජාත්‍යන්තර වෙළඳාමේ ඉන්දියාවේ ස්ථාවරය ශක්තිමත් කිරීමටත් ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්