සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

‘ටීචර් අම්මා’ ගෙන් පහර කෑ තරුණයා රෝහලේ: වෘෂණ කෝෂවලට හානි

ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක් වන “ටීචර් අම්මා” නොහොත් හයේෂිකා ප්‍රනාන්දුගෙන් පහරදීමකට ලක් වූ තරුණයෙක් වෘෂණ කෝෂවලට හානි සිදුවීම හේතුවෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. පහරදුන් ගුරුවරිය ප්‍රදේශයෙන්

මිතුරන් සමග බෙදාගන්න

ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක් වන “ටීචර් අම්මා” නොහොත් හයේෂිකා ප්‍රනාන්දුගෙන් පහරදීමකට ලක් වූ තරුණයෙක් වෘෂණ කෝෂවලට හානි සිදුවීම හේතුවෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පහරදුන් ගුරුවරිය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඇයගේ සැමියා සහ කළමනාකරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැමියා සහ කළමනාකරු ඊයේ (09) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

මේ වන විට සැඟව සිටින ‘ටීචර් අම්මා’ නමින් ප්‍රසිද්ධ ගුරුවරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

පහර කෑමට ලක් වූ 32 හැවිරිදි තරුණයා කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසනවා. ඔහුගේ සහෝදරිය යැවූ වට්ස්ඇප් පණිවිඩයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

පහර කෑමට ලක් වූ තරුණයා අදාළ ගුරුවරිය යටතේ සේවය කළ සේවකයෙක් බවයි වාර්තා වන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්