සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

ටිම් බූන් මසකට ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් එක් වෙයි

එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන් මාසයක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු සහ ඉහළ දක්ෂතා උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්

මිතුරන් සමග බෙදාගන්න

එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන් මාසයක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු සහ ඉහළ දක්ෂතා උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරනු ලැබ තිබෙනවා.

ඔහුගේ සේවා කාලය පසුගිය 8 වන දින ආරම්භ වූ අතර, එම කාලය තුළ ඔහු ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම, කාන්තා ‘ඒ’ කණ්ඩායම, පිරිමි නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා 17න් පහළ ජාතික කණ්ඩායම යන කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පිතිහරඹ කුසලතා වර්ධනය කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට නියමිතයි. තවද, මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ත පිතිහරඹය සහ එක් එක් ක්‍රීඩකයාගේ දක්ෂතා වැඩි දියුණු කිරීම අරමුණු කරගත් තාක්ෂණික සහ උපාය මාර්ගික පුහුණු සැසිවලටද ඔහු සහභාගී වනු ඇත.

ටිම් බූන් මීට පෙර එංගලන්ත 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර ඇති පළපුරුදු පුහුණුකරුවෙකු වීම විශේෂත්වයක්.

වෙනත් පුවත්

උණුසුම් පුවත්