මෙක්සිකෝවේ නැවක් නිව්යෝර්ක් පාලමක ගැටෙයි

ඇමරිකාවේ සංචාරයක යෙදී සිටි මෙක්සිකානු නාවික හමුදාවට අයත් විශාල පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටීමෙන් අනතුරක් සිදුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, නෞකාවේ කුඹගස්වල

මිතුරන් සමග බෙදාගන්න

ඇමරිකාවේ සංචාරයක යෙදී සිටි මෙක්සිකානු නාවික හමුදාවට අයත් විශාල පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටීමෙන් අනතුරක් සිදුවිය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, නෞකාවේ කුඹගස්වල කොටසක් පාලමේ ගැටී නෞකාව තුළට කඩා වැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ නැවේ කාර්ය මණ්ඩලයේ 277ක් පමණ සිටි අතර, 22ක් පමණ තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද පැවසේ.

නිව්යෝර්ක් බලධාරීන් අනතුරෙන් පසු විනාඩි 40ක් පමණ පාලම වසා දැමූ අතර පසුව එය නැවත විවෘත කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, මෙම අනතුරින් පාලමට කිසිදු හානියක් සිදුව නොමැති බව නිව්යෝර්ක් නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්