පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය.
2016 වසරේ ඌව පළාත් මහ ඇමැති ලෙස කටයුතු කරමින් සිටියදී පෙර පාසල් සිසුන් සඳහා පොත් බෑග් ලබා දීමට රාජ්‍ය බැංකුවකින් ලැබුණු රුපියල් මිලියනයක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.
අදාළ ඇප ඉල්ලීම බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් සලකා බැලීමෙන් පසු, මන්ත්‍රීවරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් වීමට අවසර ලැබිණි.
මෙම නඩුව නැවත ලබන ඔක්තෝබර් 21 වන දින කැඳවීමට නියමිතය.