මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට පනතක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල

මිතුරන් සමග බෙදාගන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, මෙම පනත මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර අවසන් බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ලබන මාසයේදී (ජුලි මාසයේදී) මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි. මෙම පනත සම්මත වුවහොත්, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රමවේදය වෙනස් වනු ඇත. මෙම පියවර පිළිබඳව රටපුරා පුළුල් කතාබහක් ඇතිවී තිබෙනවා.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්