සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් සමාගම් 3ක් වෙන්දේසියට

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් සමාගම් තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, දයා ගෲප් ලිමිටඩ් (Daya Group (Pvt)

මිතුරන් සමග බෙදාගන්න

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් සමාගම් තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, දයා ගෲප් ලිමිටඩ් (Daya Group (Pvt) Ltd), දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ් (Daya Apparel Exports (Pvt) Ltd), සහ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් (Olympus Construction (Pvt) Ltd) යන ආයතන ජූලි මස 02 වනදා උදෑසන 10.00ට වෙන්දේසි කරන බව කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් දැනුම් දී ඇත.

මෙම සමාගම් තුන ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට තීරණය කර ඇත්තේ, ලීසිං සමාගමකට අයවිය යුතු රුපියල් 104,229,342ක මුදලක් අයකර ගැනීමේ අරමුණින්. මෙම මුළු මුදලින් රුපියල් 4,080,000ක් පමණ වගඋත්තරකරුවන් විසින් දැනටමත් ගෙවා ඇති අතර, ඉතිරි මුදල අය කර ගැනීම සඳහා 2022 වසරේ නොවැම්බර් මස 10 වනදා ලබා දුන් නඩු තීන්දුවකට අනුව මෙම වෙන්දේසිය ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම සිදුවීම දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්