සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කේදර්නාත් දේවාලය ආසන්නයේ සිදුවූ හෙළිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ඛේදවාචකය අද (ජූනි 15) අලුයම 5:20ට පමණ සිදුව

මිතුරන් සමග බෙදාගන්න

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කේදර්නාත් දේවාලය ආසන්නයේ සිදුවූ හෙළිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ඛේදවාචකය අද (ජූනි 15) අලුයම 5:20ට පමණ සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩ් හි ගුප්ත්කාෂි බලා පියාසර කරමින් තිබූ මෙම හෙළිකොප්ටරය වනාන්තර ප්‍රදේශයකට කඩා වැටී ඇති බව සඳහන්. ආර්යන් ගුවන් සේවයට අයත් මෙම යානයේ සිටි නියමුවා ඇතුළු පුද්ගලයන් 7 දෙනාම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය අය අතර කුඩා දරුවෙකුද සිටින බව වාර්තා වේ.

යානයේ සිටි මගීන් හයදෙනා උත්තරාකන්ඩ්, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ඉන්දීය ප්‍රාන්තවලින් පැමිණි අය බවට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්