සිරස්තල

නෙත්මි අහිංසාගෙන් ඓතිහාසික පදක්කමක්

වයස අවුරුදු 23න් පහළ ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් එක් කරමින්, නෙත්මි අහිංසා ඊයේ (ජූනි 20) කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ

මිතුරන් සමග බෙදාගන්න

වයස අවුරුදු 23න් පහළ ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් එක් කරමින්, නෙත්මි අහිංසා ඊයේ (ජූනි 20) කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තා.

ආසියානු මට්ටමේ තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් මෙවැනි දක්ෂතාවක් දැක්වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වීම මෙම ජයග්‍රහණයේ සුවිශේෂීත්වයයි.

නෙත්මි අහිංසා මෙම තරගය ජයගත්තේ කසකස්තානයේ නිලුෆර් රයිමෝවා ක්‍රීඩිකාව ලකුණු 12-04ක් ලෙස පරාජය කරමින්.

වියට්නාමයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු මල්ලවපොර ශූරතාවලියේදී නෙත්මි අහිංසාගේ මෙම දක්ෂතාව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල උත්තේජනයක් ලබා දෙනු නොඅනුමානයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්