සිරස්තල
ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි අද (20) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ ගිගුරුම් මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි ඉරාන හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයට සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්

යුදමය තත්ත්වය හේතුවෙන් කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසාදමයි

කටාර් රාජ්‍යය සිය ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විදේශ

මිතුරන් සමග බෙදාගන්න

කටාර් රාජ්‍යය සිය ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව, කටාර් හි හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පියාසර කිරීමට නියමිත සියලු ගුවන් යානා ඒ ආසන්න වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යවනු ඇති.

ඇමෙරිකානු කඳවුරට තර්ජනයක්
මේ අතර, කටාර්හි පිහිටා ඇති මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ඉරාන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය පුරවැසියන්ට අනතුරු ඇඟවීම්
කටාර්හි සිටින ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර ඇති අතර, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවලම රැඳී සිටින ලෙසයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්